Marine

මැරීන් බලකාය

1980 දශකයේ මුල් භාගයේදී රට තුළ ඇති වූ නොසන්සුන්කාරී වාතාවරණය සඳහා මුහුණදීමට ගොඩබිම් මෙහෙයුම් සඳහා මනා හැකියාවක් ඇති නාවික හමුදා සාමාජිකයින්ගේ අවශ්‍යතාවයක් ඉස්මතු වන්නට විය. මෙම අවශ්‍යතාවය සපුරාලීම සඳහා යාත්‍රික සහ ස්වේච්ඡා නාවික හමුදා පුද්ගලයන්ගෙන් තෝරා ගත් නාවික භට කණ්ඩායමක් මඟින් මෙම ගොඩබිම් මෙහෙයුම් බලඇණිය පිහිටුවන ලදී. ඔවුන් මුලින් වෙරළබඩ හා ගොඩබිම් ප්‍රදේශවල ආරක්ෂක රාජකාරි සඳහා යොදවා ඇත. ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉතිහාසයේ සුවිශේෂී ජයග්‍රහණයක් සනිටුහන් කරමින් පළමු නාවික බලඇණි 3, එනම්; විජයබා, වළගම්බා සහ ගජබා 1997 දී පිහිටුවන ලදී. මෙම බලඇණි නිලධාරීන් 49 කින් සහ නාවිකයින් 3,000 කින් සමන්විත විය. ඔවුන් යුද හමුදා බලඇණි පුහුණු පාඨමාලාව හැදෑරීමෙන් පසු, ජයසිකුරු මෙහෙයුම සඳහා යෙදවීමට කටයුතු කෙරිණි.

2009 දී මානුෂීය මෙහෙයුම විජයග්‍රහණයෙන් අනතුරුව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ මූලික කාර්යය හා කර්තව්‍යට අනුකූලව නාවික භටයින් 5,000 කට අධික සංඛ්‍යාවක් සිටින නාවික පාබල අංශය යම් මට්ටමක ප්‍රතිසංවිධානයක් සිදුකෙරිණ. ඒ අනුව, 2016 වසරේ මුල් භාගයේදී, දින 45 ක විශේෂිත පුහුණුවක් ලබා දෙමින් නාවික පාබල අංශයේ නාවික පුද්ගලයන් 300 ක ගෙන් සමන්විත නාවික හමුදාවේ පළමු ජලතරණ බලකාය හෙවත් නාවික හමුදා මැරීන් බලකායේ ආරම්භය සනිටුහන් කෙරිණි.

අනතුරුව, නාවික පාබල අංශයේ නාවික පුද්ගලයන් ක්‍රමිකව අවශෝෂණය කරගනිමින් මැරීන් බලකාය තවදුරටත් ශක්තිමත් කරන්නට තීරණය විය.

මේ සම්බන්ධයෙන් තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 2016 සැප්තැම්බර් 29 වන දින ඇමෙරිකා එක්සත් ජනපදයේ බ්ලු රිජ් නෞකාවේ (USS Blue Ridge) පැවති මාණ්ඩලික කථිකාවේදී, එක්සත් ජනපද සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මැරීන් බලඝණයේ වැඩිදුර සමුද්‍රීය පුහුණුව පිළිබඳ වැඩිදුර සාකච්ඡා කරන ලදී. ජලතරණ ජීවී මෙහෙයුම් සම්බන්ධ ප්‍රවීණතාවය ලද නාවික හමුදා මැරීන් බළඇණිය, මුහුද හා වෙරල ඔස්සේ පැනනඟින ඕනෑම අභියෝගයක් ජයගැනීමට හැකි නාවික හමුදාව සතු ප්‍රබල බල ඇණියක් බවට පරිවර්තනය වී ඇත.

මූලික භූමිකාව

ජලතරණ මෙහෙයුම් සිදුකිරීම.

ද්විතියික භූමිකාව

මේ සම්බන්ධයෙන් තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 2016 සැප්තැම්බර් 29 වන දින ඇමෙරිකා එක්සත් ජනපදයේ බ්ලු රිජ් නෞකාවේ (USS Blue Ridge) පැවති මාණ්ඩලික කථිකාවේදී, එක්සත් ජනපද සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මැරීන් බලඇණියේ වැඩිදුර සමුද්‍රීය පුහුණුව පිළිබඳ වැඩිදුර සාකච්ඡා කරන ලදී. ජලතරණ මෙහෙයුම් හා අභ්‍යන්තර ආරක්ෂක රාජකාරී සම්බන්ධ ප්‍රවීණතාවය ලද නාවික හමුදා මැරීන් බලකාය, මුහුද හා වෙරල ඔස්සේ පැනනඟින ඕනෑම අභියෝගයක් ජයගැනීමට හැකි නාවික හමුදාව සතු ප්‍රබල බල බලකායක් බවට පරිවර්තනය වී ඇත.