“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතිය සඳහා නාවික හමුදාවේ දායකත්වය



“පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” යන රජයේ දැක්ම යථාර්තයක් කරගැනීම වෙනුවෙන්, ශ්‍රී ලංකාව සමාජමය, පාරිසරික සහ ආචාරධර්මීය වශයෙන් වෙනස් කිරීමේ “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිමේ ජනාධිපති කාර්යය සාධක බලකායේ ප්‍රධාන හවුල් කරුවෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරනු ලබයි.

“පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” යන රජයේ දැක්ම යථාර්තයක් කර ගැනීම මගින්; පරිසමාප්ත ජීවිතයක් - සුවපහසු රටක්, ගෞරවණීය ජීවිතයක් - සුරක්‍ෂිත රටක්, නවීන ජීවිතයක් - ධනවත් රටක් සහ අභිමානවත් ජීවිතයක් - නොසැලෙන රටක් ගොඩනැගීමේ ත්‍රිවිද ප්‍රවේශය ලෙස; දිළිඳු බව පිටු දැකීම, ඩිජිටල් ආර්ථිකයක් නිර්මාණය කිරීම සහ ක්ලීන් ශ්‍රී ලංකා ජාතික ව්‍යාපෘතිය රජය විසින් ක්‍රියාවට නන්වා ඇත.

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියේ කාර්යය භාර්යය පිළිබඳව නාවික හමුදාව ප්‍රජාව දැනුවත් කරමින් වගකීම හා වගවීම, අභියෝග සහ එම අභියෝග ජයගැනීමෙන් ලැබෙන ප්‍රථිලාභ පිළිබඳව ප්‍රජාව බලගැන්වීම සඳහා දායකත්වය ලබා දෙනු ලබයි.

එහිදී, ශ්‍රී ලංකාව සමාජීය, පාරිසරික සහ ආචාර ධර්මීය වශයෙන් වෙනසක් තුළින් නැවත ප්‍රථිස්ථාපනය කිරීමේදී, සෑම පුද්ගලයෙකුගේම දැනුම, ආකල්ප, කුසලතා, හැසිරීම සහ ජීවන රටාව වෙනස් විය යුතු ආකාරයත්, අන්තර් පුද්ගල, ආයතනමය, සමාජීය සහ ප්‍රථිපත්තීමය වශයෙන් පුද්ගලයෙකුගේ චර්යාව වෙනස් විය යුතු ආකාරයත් සම්බන්ධයෙන් ප්‍රජාව දැනුවත් කිරීම සහ බලගැන්වීම සිදු කෙරේ.

තවද, “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතිය යටතේ සිදුකෙරෙන “පිරිසිදු වෙරළ තීරයක් - ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්” සහ “සතුට සපිරි පාසලක්” යන තේමා මුල්කරගනිමින් සිදුකෙරෙන දිවයින වටා වූ වෙරළ තීරය ආකර්ෂණීය ලෙස ප්‍රථිස්ථාපනය කිරීමේ වැඩසටහන් සහ සුරක්‍ෂිත ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම මඟින්, ප්‍රීතිමත්, නිර්මාණශිලී, විනයගරුක සහ කුසලතා සපිරි උද්යෝගිමත් පාසල් ප්‍රජාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් සිදුකෙරෙන පාසල් පරිශ්‍ර ආකර්ෂණීය ලෙස ප්‍රථිස්ථාපනය කිරීමේ ව්‍යාපෘති සඳහා නාවික හමුදාව අඛණ්ඩව ප්‍රජාසත්කාරක දායකත්වය ලබා දෙමින්, සමාජ බලගැන්වීම සිදුකරනු ලබයි.


Clean Sri Lanka_page_image_1
Clean Sri Lanka_page_image_2
Clean Sri Lanka_page_image_3

Clean Sri Lanka_page_image_4
Clean Sri Lanka_page_image_5
Clean Sri Lanka_page_image_6

Clean Sri Lanka_page_image_10
Clean Sri Lanka_page_image_11
Clean Sri Lanka_page_image_12

Clean Sri Lanka_page_image_7
Clean Sri Lanka_page_image_8
Clean Sri Lanka_page_image_9

Clean Sri Lanka_page_image_13
Clean Sri Lanka_page_image_14