"වෘත්තීය මධ්‍යස්ථානය"
අප හා එක්වන්න
නිලධාරි පුහුණුව
හැකියාවන්ගෙන් සහ නව ලෝකය දිනා ගැනීමේ බලාපොරොත්තුවෙන් පසු වන ශ්‍රී ලාංකීය දූ පුතුන් හට ශ්‍රී ලංකා නාවික හමුදාවේ පහත සඳහන් අංශ වෙත එක්වී නාවික නිලධාරියෙකු/ නිලධාරිනියක වීමේ ස්වර්ණමය අවස්ථාවක් උදා වී ඇත.
අධ්‍යන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) සමත් වී තිබිය යුතුය.
පුහුණු මධ්‍යස්ථාන
නිලධාරීන් ප්‍රධාන වශයෙන් පුහුණු කිරීම සිදු කරනු ලබනුයේ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේය. මීට අමතරව කෙටි කාලීන/ විශේෂ නිලධාරි පුහුණුව ශ්‍රීලංකා නෞකා ගැමුණු වැලිසර දී පවත්වනු ලැබේ. මෙම පුහුණුවේදී, පුහුණු මධ්‍යස්ථානය තුල සිදුකෙරෙන න්‍යායාත්මක පුහුණුවට අමතරව, නාවික හමුදා නෞකාවන් හා යාත්‍රාවන්ට අනුයුක්තව පරිපූර්ණ ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙයි.
නිලධාරීන් බඳවාගැනීමේ ක්‍රියාවලිය
ශිෂ්‍යභට නිලධාරියකු ලෙස එක්වීමට සුදුසුකම්
ඉඳුරාම / ස්වේච්ඡා නිලධාරීන් සඳහා සුදුසුකම්
උසස් පාඨමාලා (විදේශ ඇතුළුව)
විදේශීය පාඨමාලා (ඩාර්ට්මවුත් බ්‍රිතාන්‍ය රාජකීය නාවික පුහුණු ඇකඩමිය, ඉන්දියාව සහ බංග්ලාදේශයේ උප ලුතිනන් තෘතීයික පාඨමාලා) සීමිත පුරපුපාඩු මත පුහුණු කාලයේ දක්‍ෂතා අනුව තෝරා ගැනේ.
සේවා ප්‍රතිලාභ
නොමිලේ ආහාර, නවාතැන්, නිල ඇඳුම්, ප්‍රවාහනය
සියලුම නිලධාරීන් හා නාවිකයන් හට නොමිලේ හිමිවේ.
වෛද්‍ය හා දන්ත වෛද්‍ය පහසුකම්
නාවික පුද්ගලයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හට සම්පූර්ණ ප්‍රතිකාර.
ජාත්‍යන්තර ක්‍රීඩා
වෙඩිතැබීම්, රුවල් ඔරු පැදීම් ඇතුළු ඕනෑම ක්‍රීඩාවක් තුළ ජාත්‍යන්තර තලය දක්වා ගමන් කිරීමේ අවස්ථාව.
ණය පහසුකම්
ප්‍රමාණවත් සේවා කාලයකින් පසු රාජ්‍ය ණය පහසුකම් හිමිවේ.
නාවිකයකු ලෙස නාවික හමුදාවට එක්වීම
ශිල්පීය සහ අශිල්පීය යන මාර්ග දෙකටම සුදුසුකම් ලත් ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට අවස්ථාව හිමිවේ.
ශිල්පීය නොවන නාවිකයන්නාවිකයන්ගේ මූලික පුහුණු පාඨමාලා (මාස 06)
ශ්‍රීලංකා නෞකා නිපුන, ශ්‍රීලංකා නෞකා ශික්ෂා, ශ්‍රීලංකා නෞකා ගැමුණු (වැලිසර), ශ්‍රීලංකා නෞකා රුහුණ (තංගල්ල) සහ ශ්‍රීලංකා නෞකා විජය (කල්පිටිය) යන පුහුණු මධ්‍යස්ථාන වලදී සිදුකරනු ලබයි. මෙම මුලික පුහුණුවෙන් පසුව “රැකියාව මත පුහුණුව” සඳහා අදාල නාවිකයින් නෞකා සහ ආයතන වෙත අනුයුක්ත කරනු ලබයි.
ශිල්පීය නොවන පුහුණුව
මාස හයක මූලික පුහුණුවෙන් පසු අදාල නාවික පුද්ගලයින් “රැකියාව මත පුහුණුව” පිණිස නෞකා සහ ආයතන වෙත අනුයුක්ත කරනු ලැබේ. අනතුරුව ඔවුන්ව දේශිය හෝ විදේශිය විශේෂ පුහුණු පාඨමාලා සඳහා යොමු කරනු ලැබේ.
ශිල්පීය අංශයේ නාවිකයන් සඳහා පුහුණුව
මාස 3 ක හෝ 6 ක මුලික පුහුණුවෙන් පසු දේශියව හෝ විදේශියව ශිල්පීය අංශයේ නාවික පුහුණුව ලබාගැනීමට වරම් හිමිවේ. එම පුහුණු පාඨමාලාව සාර්ථකව නිමකරනු ලබන නාවිකයින් හට නාවික ඉංජිනේරු ඩිප්ලෝමා සහතිකය හිමිකර ගැනීමේ අවස්ථාව උදාවේ.
සපුරාලිය යුතු සුදුසුකම්
සේවා ප්‍රතිලාභ
නොමිලේ ආහාර, නවාතැන්, නිල ඇඳුම් සහ ගමන්
සියලුම නිලධාරීන්ට සහ නාවිකයන්ට ආහාර, නවාතැන්, නිල ඇඳුම් සහ ගමන් බිමන් නොමිලේ ලැබේ.
වෛද්‍ය සහ දන්ත සත්කාර
සියලුම සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට වෘත්තිකයන් සහ පහසුකම් ඇත.
ක්‍රීඩා
වෙඩි තැබීම සහ රුවල් ඔරු පැදීම ඇතුළු ඕනෑම ක්‍රීඩාවකින් ජාත්‍යන්තර මට්ටමින් දස්කම් දැක්වීමට මංපෙත් විවර වේ.
ණය පහසුකම්
සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් පසු රජයේ ණය ප්‍රතිලාභ ලබා ගත හැක.

කැඩෙට් නිලධාරි බඳවාගැනීම (2026)
G.C.E. උසස් පෙළ සමත් පාසල් සිසුන් සඳහා.

නාවිකයන් බඳවාගැනීම (ශිල්පී)
නිත්‍ය නාවික බලකායේ ශිල්පී අංශ සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
පොදු උපදෙස්
- සත්‍යාපිත ජාතික හා අධ්‍යාපන සාධාරණීකරණයන් ඉදිරිපත් කළ යුතුය.
- තැපෑලෙන් අයදුම් කිරීමේදී "ශිල්පී නාවිකයින් බඳවාගැනීම" සඳහන් කරන්න.
- වැඩිදුර තොරතුරු සඳහා නාවික බඳවාගැනීමේ කාර්යාලය අමතන්න.













