අපගේ නිෂ්පාදිත බලඇණිය

Wave Rider IPC

වේව් රයිඩර් වර්ගයේ වෙරළාරක්‍ෂක මුර යාත්‍රා

සතුරාට එරෙහිව මුහුදේ සිදුවන අසමමිතික මුහුදු සටන්/ ජලතරණ මෙහෙයුම් සඳහා නාවික හමුදාව විසින් සැලසුම් කර වැඩිදියුණු කරන ලද මෙම වේව් රයිඩර් වර්ගයේ වෙරළාරක්‍ෂක මුර යාත්‍රා සාර්ථකව යොදා ගැනීමට හැකියාව ඇත.

Accommodation Type Wave Rider IPC

වැඩි ඉඩ ප්‍රමාණයක් සහිත වේව් රයිඩර් වර්ගයේ වෙරළාරක්‍ෂක මුර යාත්‍රා

ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රා තැනීමේ අංගනයේ නිෂ්පාදනය කරනු ලබන වැඩි ඉඩ ප්‍රමාණයක් සහිත වේව් රයිඩර් වර්ගයේ වෙරළාරක්‍ෂක මුර යාත්‍රාවන්ගේ ගැණුම්කරුවන් අතර එක් ප්‍රධාන ගැණුම්කරුවෙකු වන්නේ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවයි.

Dinghy Boat

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහා කුඩා යාත්‍රා

ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රා තැනීමේ අංගනය තුල නිෂ්පාදනය කරනු ලබන මෙම කුඩා යාත්‍රා, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මඟින් ගංවතුර අවස්ථාවකදී සිදුකරනු ලබන මුදවා ගැනීම් මෙහෙයුම් සඳහා භාවිතා කරනු ලබයි.

RHIB

දෘඪ පිම්බෙන බෝට්ටුව

ශක්තිමත් බඳකින් සහ ඝණ හැඩයකින් යුතුව වැඩිදියණු කළ ස්ථාවරත්වයක් සහිතව නිෂ්පාදනය කර ඇති මෙම ඉහළ කාර්යය සාධනයක් ඇති මෙම යාත්‍රා ඕනෑම රළු ජලපහරක මෙහෙයුම් කටයුතු පහසුවෙන් සිදුකිරීමට හැකිවන පරිදි නිර්මාණය කර ඇත.

L 801

උපයෝගිතා වර්ගයේ ගොඩබෑමේ යාත්‍රා (L 801)

ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බළඝණයේ මෙහෙයුම් සඳහා මෙම යාත්‍රාව ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රා තැනීමේ අංගනය තුල විශේෂයෙන් නිෂ්පාදනය කර ඇත.

L 802

උපයෝගිතා වර්ගයේ වේගවත් ගොඩබෑමේ යාත්‍රා (L 802)

මෙම යාත්‍රාව ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බළකාය සඳහා නාවික බෝට්ටු ගොඩනැඟිලි අංගනය (NBBY) මගින් විශේෂයෙන් නිෂ්පාදනය කර ඇත

Passenger Ferry For Slldc

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාව සඳහා නිර්මාණය කළ මගී යාත්‍රා

කොළඹ නගරයේ වාහන තදබදය අවම කිරීම සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාව මඟින් සිදුකරනු ලබන මගී යාත්‍රා සේවය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රා තැනීමේ අංගනය තුල මෙම යාත්‍රා නිපදවා ඇත.

CEDRIC Craft

සෙඩ්රික් වර්ගයේ මුර යාත්‍රා

අඩි 23 ක් වන සෙඩ්රික් වර්ගයේ මුර යාත්‍රාව ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රා තැනීමේ අංගනය තුල නිෂ්පාදනය කර ඇත.

Cg 80

වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සඳහා ගිනි නිවී‍මේ හා මුදවා ගැනීමේ යාත්‍රා

මෙම ගිනි නිවී‍මේ හා මුදවා ගැනීමේ P 206 යාත්‍රාව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ රාජකාරීන් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රා තැනීමේ අංගනය තුල විශේෂයෙන් නිෂ්පාදනය කර ඇත.

Admiral Barge

අද්මිරාල් බාර්ජ්

මෙම යාත්‍රාව ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රා තැනීමේ අංගනය තුල නිෂ්පාදනය කරන ලද ප්‍රථම සුඛෝපභෝගී මගී යාත්‍රාව වේ.

Fiber Glass Dinghy

ෆයිබර් ග්ලාස් ඩිංගි යාත්‍රාව

ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රා තැනීමේ අංගනය තුල නිෂ්පාදනය කරනු ලබන ෆයිබර් ග්ලාස් ඩිංගි යාත්‍රා පිළිවෙලින් අඩි 18, අඩි 19 සහ අඩි 23 යන දිග ප්‍රමාණයන් ගෙන් නිෂ්පාදනය කරනු ලබයි.

Lagoon Craft

කලපු යාත්‍රාව

ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රා තැනීමේ අංගනය තුල නිෂ්පාදනය කරනු ලබන කලපු යාත්‍රාව ජල මාර්ග / කලපු තුල මගීන් ප්‍රවාහනය සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇත.

Dolphin Craft

ඩොල්ෆින් යාත්‍රාව

ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රා තැනීමේ අංගනය තුල නිෂ්පාදනය කරනු ලබන ඩොල්ෆින් යාත්‍රා විශේෂයෙන් විනෝද වර්ගයේ යාත්‍රා ලෙස වැඩිදියුණු කිරීමෙන් පසු තල්මසුන් නැරඹීම සඳහා ‍උපයෝගී කරගනු ලබයි.

Kayak Boat

කයාක් යාත්‍රාව

ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රා තැනීමේ අංගනය තුල නිෂ්පාදනය කරනු ලබන කායක් යාත්‍රා වැඩිදියුණු කළ ස්ථාවරත්වය සහ අඩු බර සහිතව ජලතරණ මෙහෙයුම් සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇත.

Enterprise Class Sailing Boat

එන්ටර්ප්‍රයිස් පන්තියේ රුවල් යාත්‍රාව

ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රා තැනීමේ අංගනය තුල නිෂ්පාදනය කරනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සිත් ඇදගන්නා නිෂ්පාදනයක් වන මෙම රුවල් යාත්‍රා, රුවල් යාත්‍රා තරඟාවලි සඳහා උපයෝගී කරගනු ලබයි.

Floating Cafeteria

පාවෙන ආපන ශාලාව

ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රා තැනීමේ අංගනය තුල නිෂ්පාදනය කරනු ලබන කැටමරන් වර්ගයේ පතුලක් සහිත මෙම පාවෙන ආපනශාලා යාත්‍රාව කොළඹ නගරයේ ජලාශ්‍රිත ප්‍රදේශ වල භාවිතා කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇත.

Ambulance Craft

ගිලන් යාත්‍රාව

ජාතිය ගොඩනැගීම වෙනුවෙන් නාවික හමුදා ප්‍රමුඛ සමාජ වගකීමක් සඳහා දායකත්වය ලබාදීමක් වශයෙන් නාවික හමුදා ඉංජිනේරු හා ශිල්පීය දායකත්වය යටතේ මෙම ගිලන් යාත්‍රාව ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රා තැනීමේ අංගනය තුල විශේෂයෙන් නිෂ්පාදනය කර ඇත.

Research Craft

රුහුණු විශ්වවිද්‍යාලය සඳහා පර්යේෂණ යාත්‍රාව

රුහුණු විශ්වවිද්‍යාලයේ ධීවර, සමුද්‍ර විද්‍යා හා තාක්ෂණ පීඨයේ සමුද්‍රීය පර්යේෂණ කටයුතු සඳහා පර්යේෂණ යාත්‍රාවක් ලෙස මෙම යාත්‍රාව ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රා තැනීමේ අංගනය තුල විශේෂයෙන් නිෂ්පාදනය කර ඇත.

Passenger Craft

මගී යාත්‍රා

මෙම මගී යාත්‍රාව ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රා තැනීමේ අංගනය තුල මගී ප්‍රවාහනය සඳහා නිෂ්පාදනය කර ඇත.

Boat Image